ජ්‍යෝතිෂ නෑම , ආයුර්වේද නෑම සහ ඇදගෙන නෑම

Posted Leave a commentPosted in ආයුර්වේද, ජ්‍යෝතිෂ විද්‍යාව

  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු කරපු සමන් විජේතුංග කියන සර් තමයි . ඉස්කෝලේදී අපේ පන්තියට සර් ඉගැන්නුවේ නැහැ . ඒත් මම ක්ලාස් ගියේ සර් පවත්වපු ක්ලාස් එකට . ඒ ක්ලාස් එකේදී තමයි මට මතක විදියට මේ තාපය එහා මෙහා වීම […]

සිංහල අවුරුද්දට කිරිබත් කන්නේ ඇයි ?

Posted Leave a commentPosted in ආයුර්වේද, ජ්‍යෝතිෂ විද්‍යාව

  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම මානසික සමාජීය ආර්ථික වශයෙන් සියල්ල බිංදුවටම කඩා වැටිලා තියෙන වෙලාවක ලංකාව අවුරුදු සැමරීම සදාචාර සම්පන්නද කියන ඇත්තටම ප්‍රශ්නයක් . මිය ගිය සංඛ්‍යාව මේ වෙනකොට 100 000 පසු කරලා තියෙනවා . ලෝකයේම මේ වගේ ව්‍යසනයක් ඇතිවෙලා […]

රතන සූත්‍ර දේශනාව – සිංහල , පාලි , Audio , Video

Posted Leave a commentPosted in ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට තමන්ගේ පාත්‍රයට පැන් පුරවලා රතන සූත්‍රය දේශනා කරමින් විශාලා මහා නුවර සෑම තැනකම පිරිත් පැන් ඉසින්න කියලා නියම කරනවා . මේ ඒ රතන සූත්‍ර දේශනාව සහ ඒ සූත්‍ර දේශනාවේ සිංහල තේරුම . සිංහල තේරුම යොදලා […]

දරුවෙකුගේ හිසකෙස් කැපීමේ මංගල චාරිත්‍රය

Posted 1 CommentPosted in ආයුර්වේද, ජ්‍යෝතිෂ විද්‍යාව

  කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන් වෙලා තියෙනවා . මේ සංස්කෘත පාඨයේ තේරුම වෙන්නේ ” අවුරුදු සියයක් ආයුෂ ඇති යමෙක් අකාලයෙහි හෙවත් අසුබ මොහොතක පළමුවෙන් හිසකෙස් කැපීම කළහොත් ඊට කලින් මරණයට පැමිණෙන බැවින් ක්ශෞර කර්මයේදී ( හිසකෙස් කැපීමේදී ) සුපරීක්ෂාකාරී වන්නේ […]

විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය

Posted Leave a commentPosted in ජ්‍යෝතිෂ විද්‍යාව

  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි ප්‍රධානම වෙන්නේ . ඒ අතර කාලසීමාව තුලදී තියෙන වැදගත්ම අංගය විදියට විවාහය කියන අවස්ථාව පෙන්නුම් කරන්න පුළුවන් . ලෝකයේ ජීවත්වෙන සෑම සජීවී දෙයකම ප්‍රධාන අරමුණ වෙන්නේ ඉදිරි පරපුරේ පැවැත්ම තහවුරු කිරීම . සතුන් වුනත් ගස් […]

ඉන්ද්‍රධ්වජය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය

Posted Leave a commentPosted in vaastu වාස්තු, ජ්‍යෝතිෂ විද්‍යාව, දේව කතා

  බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත් වග කියන්න ඕන . ඒත් ඒවා විවේචනය ගිහියන්ට නොකටයුතු දෙයක් නිසා එතනින් පරිබාහිරව ඉඳගෙන මගේ කතාව මම පටන් ගන්නවා . ලිපියේ මාතෘකාව ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය සම්බන්ධව . ඊට කලින් මට යමක් කියන්න මතක් වුණා . […]

ළිඳක් වැසීම හා වැනසීම

Posted Leave a commentPosted in vaastu වාස්තු, ජ්‍යෝතිෂ විද්‍යාව

  වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා කරවපු රත්නපුර පොත්ගුල් විහාරය පිහිටලා තියෙන්නේ අපි ඉන්න නිවස පිහිටලා තියෙන කන්දේ දකුණු බෑවුමේ . අපි ඉන්නේ කන්දේ උතුරු බෑවුමේ . සමන් දේවාලය පිහිටලා තියෙන්නේ කන්දේ වයඹ බෑවුමට ආසන්න වෙන්න පහළම කොටසේ . මේ කන්ද […]

පංචායුධය

Posted Leave a commentPosted in Uncategorized, ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  කීප තැනක අම්මලා කියලා තියෙනවා දැක්කා පංචායුධ එල්ලුවේ නැහැ අපි දරුවන්ගේ කරේ , ධර්මචක්‍ර එල්ලුවා කියලා . ධර්ම චක්‍රය කියන්නේ එකක් . පංචායුධ වලට අයත් සංකේත පහෙන් කියන්නේ තවත් අදහසක් . ආයුර්වේදයේ සහ ගුප්ත ශාස්ත්‍රයේ කියලා තියෙනවා දරුවෙක් ඉපදුනාට පස්සේ කාලෙන් කාලෙට දරුවාට බලපෑම් කරන දෝෂ ගැන . මේවා අමනුෂ්‍ය දෝෂ වෙන්නත් පුළුවන් . […]

සූනියම් දෙවියන් වසඟයට ගන්නා ගිලගං දැහැන් හත

Posted Leave a commentPosted in ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  සූනියම් දෙවියන් වසඟයට ගන්න විවිධ ක්‍රම තියෙනවා . මේ ගිලගං දැහැන් හත කියන්නෙත් ඒ වගේ මන්ත්‍රයක් . මේ මන්ත්‍රයෙන් සූනියම් දෙවියන් වසඟයට ගන්න නම් සාමාන්‍යයෙන් අවශ්‍ය පුද පූජා සියල්ලම තියලා ජීවම් කිරීම කරන්න අවශ්‍ය වෙනවා . සමහරු අංජනම් එලි බලන අයත් මේ මන්ත්‍රය ඔස්සේ සූනියම් දෙවියන් වසඟයට ගැනීම කරගන්නවා .   මොකද මන්ත්‍ර කර්මය […]

2020 සෙනසුරු ග්‍රහයා මකර රාශියට සම්ප්‍රාප්ත වීම

Posted Leave a commentPosted in ජ්‍යෝතිෂ විද්‍යාව

  ස්වස්ති සිද්ධම් ග්‍රහ මණ්ඩලයේ මහල්ලා විදියට නම් දරා සිටින සෙනසුරු ග්‍රහයා තමන්ගේ සම රාශියක් වන ධනු රාශියේ ඉඳලා තව ටික දවසකින් , ඒ කියන්නේ 2020 ජනවාරි 24 වෙනිදා තමන්ගේම රාශියක් වන මකර රාශියේ රවිට අයිති උත්‍රසල නැකතේ දෙවෙනි පාදයට සම්ප්‍රාප්ත වෙනවා . සෙනසුරු ටිකක් එක විදියක එක්කෙනෙක් . ග්‍රහ මණ්ඩලයේ මහල්ලා විදියට තමයි සෙනසුරු […]