දරුඵල ප්‍රමාද අය සඳහා ප්‍රතිකාර එකතුවක්

Posted Leave a commentPosted in ආයුර්වේද, ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්‍රමාණයකගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට ලබා දීලා තිබුණා . 400 කට අධික විවාහක යුවල ප්‍රමාණයක් තමන්ගේ ජන්ම පත්‍ර online සේවාව ඔස්සේ ලබා දීලා තිබුණා . ඒ අනුව බලනකොට 800 කට ආසන්න ජන්ම පත්‍ර ප්‍රමාණයක් ලැබිලා තිබුණා .   මේ එකක් […]

මහනුවර ඓතිහාසික කතරගම මහ දේවාලයේ ආරම්භය සහ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ දේව ශාපය

Posted 2 CommentsPosted in ගුප්ත, දේව කතා, මහනුවර

මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව අතීත කතා ගැන කියවනකොට සහ විස්තර හොයනකොට විවිධ පැති වලට විහිදුණු කරුණු කාරණා රාශියක් දැනගන්න ලැබුණා . ඒ කතාවලින් එකක් තමයි අද ලිපියේ මම සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ . මේ කතාව එක්ක මට මතක් වුණා […]

රතන සූත්‍ර දේශනාව – සිංහල , පාලි , Audio , Video

Posted Leave a commentPosted in ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට තමන්ගේ පාත්‍රයට පැන් පුරවලා රතන සූත්‍රය දේශනා කරමින් විශාලා මහා නුවර සෑම තැනකම පිරිත් පැන් ඉසින්න කියලා නියම කරනවා . මේ ඒ රතන සූත්‍ර දේශනාව සහ ඒ සූත්‍ර දේශනාවේ සිංහල තේරුම . සිංහල තේරුම යොදලා […]

මාතලේ අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය

Posted Leave a commentPosted in ගුප්ත, දේව කතා, මාතලේ

  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් . පත්තිනි දේවිය වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා . කීප වතාවක්ම ආව ගිය තැනක් නිසා නිකමට වගේ මේ කෝවිලේ ඉතිහාසය කොහොමද කියලා හාරවුස්සලා බලන්න හිතුනා . […]

ඇත් සොහොන් සංකල්පය

Posted Leave a commentPosted in ගුප්ත

    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන් , අම්මා වැඩ කරන ඔෆිස් එක කිට්ටුව නවත්තලා ලන්ච් අවර් එකේ අම්මවත් දාගෙන තමා එන්නේ . අම්මා ත්‍රීවිල් එකට නැග්ගම මම වැඩි හරියක්ම අම්මගේ උකුලට පැනලා ඒ ටික දුරටත් නින්දක් දානවා . දවසක් ඔහොම එනකොට […]

ආටානාටිය සුත්‍රය ( සිංහල )

Posted Leave a commentPosted in ගුප්ත, දේව කතා

  1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්ෂසේනායෙන් ද මහත් ගන්ධර්ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දෙවිඳු ගේ) සතර දෙසැ රකවල් තබා, සතර දෙසැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුර […]

මරු විස කලාව

Posted Leave a commentPosted in ආයුර්වේද, ගුප්ත

  අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ පහුගිය පසළොස්වක පෝය දවසේ ඔය කැලෑවට බැහැලා මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා බලලා ටිකක් සුද්ද කරලා දන්න ඕන කියලා කල්පනා කරා . අම්මගෙන් ලකුණු ටිකක් දාගන්නත් එපාය . වැඩිපුරම උවමනාව තිබ්බේ බෙහෙත් පැළෑටි මොනවද තියෙන්නේ […]

පංචායුධය

Posted Leave a commentPosted in Uncategorized, ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  කීප තැනක අම්මලා කියලා තියෙනවා දැක්කා පංචායුධ එල්ලුවේ නැහැ අපි දරුවන්ගේ කරේ , ධර්මචක්‍ර එල්ලුවා කියලා . ධර්ම චක්‍රය කියන්නේ එකක් . පංචායුධ වලට අයත් සංකේත පහෙන් කියන්නේ තවත් අදහසක් . ආයුර්වේදයේ සහ ගුප්ත ශාස්ත්‍රයේ කියලා තියෙනවා දරුවෙක් ඉපදුනාට පස්සේ කාලෙන් කාලෙට දරුවාට බලපෑම් කරන දෝෂ ගැන . මේවා අමනුෂ්‍ය දෝෂ වෙන්නත් පුළුවන් . […]

සූනියම් දෙවියන් වසඟයට ගන්නා ගිලගං දැහැන් හත

Posted Leave a commentPosted in ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  සූනියම් දෙවියන් වසඟයට ගන්න විවිධ ක්‍රම තියෙනවා . මේ ගිලගං දැහැන් හත කියන්නෙත් ඒ වගේ මන්ත්‍රයක් . මේ මන්ත්‍රයෙන් සූනියම් දෙවියන් වසඟයට ගන්න නම් සාමාන්‍යයෙන් අවශ්‍ය පුද පූජා සියල්ලම තියලා ජීවම් කිරීම කරන්න අවශ්‍ය වෙනවා . සමහරු අංජනම් එලි බලන අයත් මේ මන්ත්‍රය ඔස්සේ සූනියම් දෙවියන් වසඟයට ගැනීම කරගන්නවා .   මොකද මන්ත්‍ර කර්මය […]

ස්කන්ධ කුමාර වර දානය – කතරගම දෙවියන්ගේ වර ලබාගැනීමේ පැරණි ක්‍රමයක්

Posted Leave a commentPosted in ගුප්ත, දේව කතා

  කතරගම දෙවියන් සම්බන්ධව කතා කරනකොට බහුතරයක් අයට වර ලාභ ලබාදීම සම්බන්ධව ඉතිහාස කතා කියවෙනවා . කතරගම දෙවියන්ගෙන් වර ලබාගැනීම ලේසි පහසු වෙන්නේ නැහැ වගේම තමයි ඒ වෙනුවෙන් පිළිවෙත් පුරන්න අවශ්‍ය වෙනවා . පන්සිල් රැකීම ඒ අතරේ විශේෂ තැනක තියෙනවා . ඒවගේම තමයි පිරිසිදුව ජීවත් වීමත් අවශ්‍ය වෙනවා . ගොඩක් වෙලාවට කතරගම දෙවියෝ වර ලබා […]