මහනුවර ඓතිහාසික කතරගම මහ දේවාලයේ ආරම්භය සහ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ දේව ශාපය

Posted 2 CommentsPosted in ගුප්ත, දේව කතා, මහනුවර

මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව අතීත කතා ගැන කියවනකොට සහ විස්තර හොයනකොට විවිධ පැති වලට විහිදුණු කරුණු කාරණා රාශියක් දැනගන්න ලැබුණා . ඒ කතාවලින් එකක් තමයි අද ලිපියේ මම සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ . මේ කතාව එක්ක මට මතක් වුණා […]

රතන සූත්‍ර දේශනාව – සිංහල , පාලි , Audio , Video

Posted Leave a commentPosted in ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට තමන්ගේ පාත්‍රයට පැන් පුරවලා රතන සූත්‍රය දේශනා කරමින් විශාලා මහා නුවර සෑම තැනකම පිරිත් පැන් ඉසින්න කියලා නියම කරනවා . මේ ඒ රතන සූත්‍ර දේශනාව සහ ඒ සූත්‍ර දේශනාවේ සිංහල තේරුම . සිංහල තේරුම යොදලා […]

මාතලේ අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය

Posted Leave a commentPosted in ගුප්ත, දේව කතා, මාතලේ

  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් . පත්තිනි දේවිය වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා . කීප වතාවක්ම ආව ගිය තැනක් නිසා නිකමට වගේ මේ කෝවිලේ ඉතිහාසය කොහොමද කියලා හාරවුස්සලා බලන්න හිතුනා . […]

දරුවෙකුගේ හිසකෙස් කැපීමේ මංගල චාරිත්‍රය

Posted 1 CommentPosted in ආයුර්වේද, ජ්‍යෝතිෂ විද්‍යාව

  කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන් වෙලා තියෙනවා . මේ සංස්කෘත පාඨයේ තේරුම වෙන්නේ ” අවුරුදු සියයක් ආයුෂ ඇති යමෙක් අකාලයෙහි හෙවත් අසුබ මොහොතක පළමුවෙන් හිසකෙස් කැපීම කළහොත් ඊට කලින් මරණයට පැමිණෙන බැවින් ක්ශෞර කර්මයේදී ( හිසකෙස් කැපීමේදී ) සුපරීක්ෂාකාරී වන්නේ […]

විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය

Posted Leave a commentPosted in ජ්‍යෝතිෂ විද්‍යාව

  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි ප්‍රධානම වෙන්නේ . ඒ අතර කාලසීමාව තුලදී තියෙන වැදගත්ම අංගය විදියට විවාහය කියන අවස්ථාව පෙන්නුම් කරන්න පුළුවන් . ලෝකයේ ජීවත්වෙන සෑම සජීවී දෙයකම ප්‍රධාන අරමුණ වෙන්නේ ඉදිරි පරපුරේ පැවැත්ම තහවුරු කිරීම . සතුන් වුනත් ගස් […]

ඇත් සොහොන් සංකල්පය

Posted Leave a commentPosted in ගුප්ත

    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන් , අම්මා වැඩ කරන ඔෆිස් එක කිට්ටුව නවත්තලා ලන්ච් අවර් එකේ අම්මවත් දාගෙන තමා එන්නේ . අම්මා ත්‍රීවිල් එකට නැග්ගම මම වැඩි හරියක්ම අම්මගේ උකුලට පැනලා ඒ ටික දුරටත් නින්දක් දානවා . දවසක් ඔහොම එනකොට […]

කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න

Posted Leave a commentPosted in ආයුර්වේද

    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක් බිල්ලට අරගෙන ඉන්නේ කියලා . කවුරුත් තම තමන් දන්නා දේවල් මේ වෙලාවේ එළියට දානවා . මේ මම පාවිච්චි කරන දේවල් . ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න මේවා අදක ඊයෙක ඉඳලා නෙවෙයි මම මේවා පාවිච්චි කරන්නේ . සමහර […]

ආටානාටිය සුත්‍රය ( සිංහල )

Posted Leave a commentPosted in ගුප්ත, දේව කතා

  1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්ෂසේනායෙන් ද මහත් ගන්ධර්ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දෙවිඳු ගේ) සතර දෙසැ රකවල් තබා, සතර දෙසැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුර […]

ඉන්ද්‍රධ්වජය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය

Posted Leave a commentPosted in vaastu වාස්තු, ජ්‍යෝතිෂ විද්‍යාව, දේව කතා

  බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත් වග කියන්න ඕන . ඒත් ඒවා විවේචනය ගිහියන්ට නොකටයුතු දෙයක් නිසා එතනින් පරිබාහිරව ඉඳගෙන මගේ කතාව මම පටන් ගන්නවා . ලිපියේ මාතෘකාව ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය සම්බන්ධව . ඊට කලින් මට යමක් කියන්න මතක් වුණා . […]

ළිඳක් වැසීම හා වැනසීම

Posted Leave a commentPosted in vaastu වාස්තු, ජ්‍යෝතිෂ විද්‍යාව

  වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා කරවපු රත්නපුර පොත්ගුල් විහාරය පිහිටලා තියෙන්නේ අපි ඉන්න නිවස පිහිටලා තියෙන කන්දේ දකුණු බෑවුමේ . අපි ඉන්නේ කන්දේ උතුරු බෑවුමේ . සමන් දේවාලය පිහිටලා තියෙන්නේ කන්දේ වයඹ බෑවුමට ආසන්න වෙන්න පහළම කොටසේ . මේ කන්ද […]