ආයුර්වේදගුප්තජ්‍යෝතිෂ විද්‍යාව

දරුඵල ප්‍රමාද අය සඳහා ප්‍රතිකාර එකතුවක්

 

දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්‍රමාණයකගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට ලබා දීලා තිබුණා . 400 කට අධික විවාහක යුවල ප්‍රමාණයක් තමන්ගේ ජන්ම පත්‍ර online සේවාව ඔස්සේ ලබා දීලා තිබුණා . ඒ අනුව බලනකොට 800 කට ආසන්න ජන්ම පත්‍ර ප්‍රමාණයක් ලැබිලා තිබුණා .

 

මේ එකක් එකක් ගානේ බලලා ඒ ඒ අයට ප්‍රතිකාර ලියලා යවන්න කාලය සම්පූර්ණයෙන් වෙන් කරගන්න අපහසු වුණු නිසා ඔක්කොම කේන්දර බලලා ඒ කේන්දරවල තියෙන පොදු දෝෂ හඳුනාගත්තා . සම්පූර්ණයෙන්ම මේක රිසර්ච් එකක් කරා වගේ තමයි පරීක්ෂා කරලා මේ දෝෂ වෙන් කරගත්තේ .

 

ඒ අනුව තමයි මේ කරන්න කියන ප්‍රතිකාර නියම කරන්නේ . දරුවන් ප්‍රාර්ථනා කරන ඒත් ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව නොලද අයට මේ දේවල් කරන්න පුළුවන් . ඒ දේවල් කරලා තමන්ගේ සිහිනය වෙත ලඟා වෙන්න පහසු කරගන්න . සියළුම ග්‍රහ අපල ආවරණය වෙන විදියට මේ ප්‍රතිකාර නියම කරලා තියෙනවා .

 

= රතන සූත්‍රය හැකිතාක් සජ්ඣායනය කරන්න

= බෝධි පූජා පවත්වනවා හෝ නොපවත්වනවා , බෝධිය යට වැඩි කාලයක් ගත කරන්න . බෝධියේ හෙවනේ සිසිලස ඇඟට දැනෙන විදියට බෝධිය යට ඉන්න

= දෙවියන්ට පිං දෙන්න , දිව්‍යලෝකයෙන් චුත වීමට ආසන්න දෙවියෙක්ට තමන්ගේ දරුවෙක් වෙලා ඉපදෙන්න , එහෙම ඉපදුනොත් පිං දහම් කරගන්න උදවු උපකාර කරනවා කියලා ආරාධනා කරන්න

= ග්‍රහ අපල වලට ගායනා කරන පහත තියෙන ස්තෝත්‍ර බෝධි පූජාව අවසානයේ සජ්ඣායනා කරන්න

 

ඕම් ජපා කුසුම සංකාශම්
කාශ්‍යපේයම් මහාද්‍යුතිම්
තමෝරිම් සර්ව පාපග්නම්
ප්‍රනතෝස්මි දිවාකරම්

 

ඕම් ධධිශංක තුශාරාභම්
ක්ෂීරෝධාර්හව සම්භවම්
නමාමී සශිනම් සෝමම්
ශම්බෝර් මුකුට භූෂනම්

 

ඕම් ධරනී ගර්භ සම්භූතම්
විද්‍යුත් කාන්ති සමප්‍රභාම්
කුමාරම් ශක්ති හස්තංච
මංගලම් ප්‍රනමාම්‍යහම්

 

ඕම් ප්‍රියන්ගුකලි කාශාමම්
රූපේනාම් ප්‍රතිමාම් බුධම්
සෞම්‍යම් සෞම්‍යා ගුණෝ පේතම්
තම් බුධම් ප්‍රනමාම්‍යහම්

 

ඕම් දේවානාම්ච සෘශිනම්ච
ගුරුම් කාංචන සන්නිභම්
බුද්ධි භූතම් ත්‍රිලෝකේශම්
තම් නමාමී බ්‍රිහස්පතිම්

 

ඕම් හිමකුණ්ඩ මෘනාලාභම්
දෛත්‍යා නාම් පරමම් ගුරුම්
සර්ව ශාස්ත්‍ර ප්‍රවක්තාරම්
භාර්ගවම් ප්‍රනමාම්‍යහම්

 

ඕම් නීලාංජන සමාභාසම්
රවි පුත්‍රම් යමාග්‍රජම්
චායා මාර්තන්ඩ සම්භූතම්
තම් නමාමී ශනෛශ්චරම්

 

ඕම් අර්ධකායම් මහා වීර්‍යම්
චන්ද්‍රාධිත්‍ය විමර්ධනම්
සිම්හිකා ගර්භ සම්භූතම්
තම් රාහුම් ප්‍රනමාම්‍යහම්

 

ඕම් පලාශපුශ්ප සංකාශම්
තාරකා ග්‍රහ මස්තකම්
රෞද්‍රම් රෞද්‍රාත්ම කම් ගූරම්
තම් කේතුම් ප්‍රනමාම්‍යහම්

 

මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා මේ ස්තෝත්‍ර නවයම

 

 

=බෝධි පූජා පැවැත්වීමේදී බෝධියට කිරිපිඩු පූජා කරන්න

= තදනිල් ලානිල් කහ රතු සුදු තැඹිලි පාට වලින් මල් මාලා හෝ එකම මල් මාලයේ මේ සියළුම පාට සහිතව මල් යොදා බෝධියට පූජා කරන්න

= බැදි හාල් , රත් හඳුන් කුඩු , හල් දුම්මල , තල , බෙලිමල් , සුදු හඳුන් කුඩු , කොහොඹ කොළ නෙලුම් මල් රේණු මේ සියල්ලම මිශ්‍ර කරලා දිනපතා උදේ වරුවේ නිවසට සහ තමාට දුම් අල්ලන්න .

= සිහින් බෙලි මුලක් හෝ බෝ මුලක් අතේ පළඳින්න .

= ඉඹුල් , දිවුල් , කොලොන් , කොහොඹ , බෙලි , කරඳ , නුග , වැටකේ , කෙසෙල් පත්‍ර මිට මිට බැගින් ගෙන තම්බලා මුළු ඇඟම ඒ වතුරෙන් තවාගන්න .

= කොකුම් පොතු කැබැල්ලක් හෝ කුඩු යෝගට් හැන්දක ප්‍රමාණයක් , වැල්මී කැබැල්ලක් , එනසාල් ගෙඩි තුනක ඇට , සැවන්දරා මුලක් , දේවදාර කුඩු යෝගට් හැන්දක් , කුමුදු මල් , සුදු හඳුන් කුඩු යෝගට් හැන්දක් ,බැබිල මුලක් , නාමල් රේණු ස්වල්පයක් , විළඳ ,කොහොඹ කොළ කිණිත්තක් , ඉරිවේරිය කොලයක් , සමන් පිච්ච මලක් , කටුපිල කැබැල්ලක් , විෂ්ණුක්‍රාන්ති කොළ ස්වල්පයක් , ඊතන ස්වල්පයක් මේ සියල්ලම එකතු කරගෙන මැටි කලයකට මේවා දාන්න ඕන . එහෙම දාලා වතුර පුරවලා රෙදි කෑල්ලකින් කට ගැටගහලා පැය 12 ක් තියලා තමන් සාමාන්‍ය විදියට වතුර නාලා ඉවර වෙලා මේ බෙහෙට් වතුර පෙරලා ඇඟට දාගෙන ඒ වතුර වේලෙනකල් ඉන්න

= ඇස්වහ දෝෂ සඳහා

අබ මිටක් , ලුණු කැට මිටක් , මිරිස් කරල් හතක් ,සීනක්කාරන් කැබැල්ලක් , බැලතන ස්වල්පයක් , අලුත් සුදු කපු රෙදි කැබැල්ලක් , පොල්කටු තුනක් , තුංමං හන්දියකින් කතා නොකර ගත පස් ස්වල්පයක් .

පොල් කටු තුන පත්තු කරන්න . ඊට පස්සේ අනිත් දේවල් ඔකොම රෙදි කෑල්ලට දාලා පොට්ටනියක් බැඳලා නිවසේ අයගේ හිසවටේ සහ තමන්ගේ හිස වටේ තුන් වතාවක් කරකවලා ගිණි අඟුරු ගොඩට දාන්න . දාලා සම්පූර්ණයෙන්ම පුච්චන්න . මේ විදියට දවස් තුනක් කරන්න

= භූත දෝෂ සඳහා

අබතෙල් පහන් හතරක් නිවසේ හතරකොනේ පත්තු කරන්න ( නිවසට හානියන් නොවෙන්න )

පොකටු අඟුරුවලට  කපුරු පෙත්තක් දමා නිවසේ දුම් අල්ලන්න

දොඩම් දෙහි නාරං වගේ කොළ පොල්කටු අඟුරු වලට දමා නිවසේ දුම් අල්ලන්න

= මෛත්‍රී භාවනව කරන්න

= පත්තිනි දේවිය වෙනුවෙන් නවගමුවේ දේවාලයට භාරයක් වෙන්න . දරුවෙක් ලැබිලා මාස තුනක් ගතවුණාට පස්සේ නවගමුවේ දේවාලයට ඇවිත් කිරි ආහාර හෝ , පොල් පැළයක් හෝ , මුරුතැන් දානයට දායකත්වයක් හෝ අසරණ අයට කිරි ආහාර දන් දීලා පිං අනුමෝදන් කරනවා කියලා .

= ශ්‍රී මහා බෝධියට භාර වෙන්න දරුවෙක් ලැබිලා මාස තුනක් ගතවුණාට පස්සේ එළකිරි දාලා පිසින ලද හාල් කිලෝ එකක කිරිබත් , නැවුම් මුට්ටියකට අහුරලා , පඬුරු කාසි 7 ක් , හකුරු මුලක් . එක්ක පූජා කරනවා කියලා . ප්‍රාර්ථනාව ඉටු වුණාට පස්සේ  පූජාව තියලා මේ දේවල් කන්න බොන්න නැති අසරණ දුප්පත් හෝ යාචකයින්ට බෙදා දෙන්න .

= ශ්‍රී මහා බෝධියට මුතු කුඩයක් හෝ පොල් පැළයක් පූජා කරන්න භාර වෙන්න .

= දළදා මාළිගාවට නෙලුම් මල් පූජා කරන්න භාර වෙන්න .

= පත්තිනි දේවියට සෙත් කවියක් ලියවා පුර පක්ෂයේ දවස් හතක් දවසට හත් වතාව ගානේ කියවන්න

= දිව්‍යරාජ මණ්ඩලය , රාජ තරංගනී යන්තර වලින් එකක් නමට ජීවම් කර පළඳින්න

 

නොබෝදිනකින්ම ඔබට දරු සම්පත් ලැබේවා !

 

ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂාකරවාගැනීමට සහ පළාපල සටහන ලබාගැනීමට Click Here

විවාහ ගැළපීම පරීක්ෂා කරවා ගැනීමට Click Here

 

වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා
  බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන
  ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10
  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු
  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම
මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව
  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට
  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් .
  කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන්
  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි
    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන්
    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *