Uncategorizedජ්‍යෝතිෂ විද්‍යාව

විදේශගත වීම සම්බන්ධ ජ්‍යෝතිෂ විද්‍යාත්මක පදනම

 

බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන නොයෙක් හේතු තියෙනවා . ඒවායින් බහුතරයක් ඇත්තටම සාධාරණ හේතු කියලාත් කියන්න පුළුවන් .

 

කොහොම වුණත් ලංකාවෙන් පිටවෙන්න ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා කියලා තේරෙන්නේ ජන්ම පත්‍ර පරීක්ෂා කරවන්න දෙන අය අවසානයේ අහන්නේ ” මට විදේශගත වෙන්න පුළුවන්ද කියලා බලලා කියන්න පුළුවන් ද ? ” කියලා කියන නිසා . මේ වෙනුවෙන් ජන්මපත්‍රවල පෙන්නුම් කරන ග්‍රහ බලපෑම්වල සාරාංශයක් මේ ලිපියේ මම සඳහන් කරනවා .

 

මේ ග්‍රහ බලපෑම් තනි තනිව තමයි විස්තර කරලා තියෙන්නේ . මේවායේ සංයෝග වීම අනුව විදේශගත වීම වෙනවා හෝ නොවෙනවා කියන එක මතක තියාගන්න ඕන . ඒවගේම තමයි වීසා ලැබීම හෝ නොලැබීම කියන දේත් තීරණය වෙන්න මේ ග්‍රහ බලපෑම් දායක වෙනවා . ඒ නිසා කෙනෙක්ගේ වීසා වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කෙනාට ජන්ම පත්‍රය අනුව ඒ වෙනුවෙන් තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා බලලා ඒ වෙනුවෙන් ප්‍රතිකාර කරලා සාර්ථක පිළිතුරක් තමන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් ලබාගන්න පුළුවන් අවස්ථාව තියෙනවා .

මේ ඒ විදියට තමන්ගේ විදේශ ගමන් සහ පදිංචිවීම සාර්ථක කරගත්ත කෙනෙක් දක්වපු අදහසක් .

 

 

 

 

 

ජන්මපත්‍රයක විදේශගත වීම පෙන්නුම් කරන ප්‍රධාන කාරණා වෙන්නේ මෙන්න මේ දේවල් .

 

# කෙටි ගමන් බිමන් සම්බන්ධව විස්තර කරන්නේ ජන්ම පත්‍රයේ 3 වෙනි භාවය

# සාමාන්‍ය දුර ගමන් බිමන් සම්බන්ධව විස්තර කරන්නේ ජන්ම පත්‍රයේ 7 වෙනි භාවය

# දුර ගමන් , ඒ කියන්නේ රටෙන් පිට වීම වගේ දේවල් පෙන්නුම් කරන්නේ කේන්දරේ 9 වෙනි භාවය

# කේන්දරේ 12 වෙනි භාවය තමයි විදේශ ගමන් සම්බන්ධව විශේෂයෙන්ම පෙන්නුම් කරන්නේ

 

ඔන්න ඔය කියන ස්ථාන සම්බන්ධව තමයි විදේශගමන් සහ වෙනත් ගමන් බිමන් සම්බන්ධව කේන්දරේ පෙන්නුම් කරන්නේ . ඒ අනුව බලනකොට ජන්ම පත්‍රයක ඔය ස්ථාන කීපයක් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න අවශ්‍ය වෙනවා විදේශ ගමනක් සම්බන්ධව පුරෝකථනය කරනකොට .

 

ජන්ම පත්‍රයක 4 වැන්නෙන් තමයි මාතෘ භූමිය පෙන්නුම් කරන්නේ . ඒ අනුව බලනකොට කෙනෙක් තමන් උපන් භූමියෙන් පිටවෙයිද නැත්ද කියලා පරීක්ෂා කරලා බලන්න නම් කේන්දරේ 4 වැන්නේ ග්‍රහයින් තැම්පත් වීම සහ කේන්දරේ 4 වන්න අධිපති ග්‍රහයින් කොහොමද තැම්පත් වෙලා ඉන්නේ කියලා පරීක්ෂා කරලා බලන්න අවශ්‍ය වෙනවා .

 

විදේශ ගමන් සම්බන්ධව ග්‍රහයින් ආශ්‍රය කරගෙන බලනකොට මෙන්න මේ කරුණු සම්බන්ධව විමසිලිමත් වෙන්න ඕන .

 

# කේන්දරේ 12 වෙනි භාවය සහ එහි අධිපතිකම දරණ ග්‍රහයින් සහ ඒ ග්‍රහයින් තැම්පත් වෙලා ඉන්න ආකාරය

# කේන්දරේ 9 වෙනි භාවය සහ එහි අධිපතිකම දරණ ග්‍රහයින් සහ ඒ ග්‍රහයින් කේන්දරේ තැම්පත් වෙලා ඉන්නා ආකාරය

# කේන්දරේ ලග්නය හිමි ග්‍රහයින් තැම්පත් වෙලා ඉන්න ස්ථානයෙන් 9 වැන්න සහ 12 වන්න බලවත් වෙලා ඉන්න ආකාරය

# චන්ද්‍රයා කේන්දරේ තැම්පත් වෙලා ඉන්න ආකාරය

# ඒ ස්ථාන වලට ග්‍රහයින් දෘෂ්ටි හෙලන ආකාරය

 

විදේශ ගතවීම වෙනුවෙන් චන්ද්‍රයා , ගුරු  , ශනි , රාහු කියන ග්‍රහයින් මූලිකවම දායක වීමක් වෙනවා .

 

විදේශගත වීම සම්බන්ධව වැරදි මතකයක් සමාජගත වෙලා තියෙනවා . ඒ සම්බන්ධවත් විස්තර කරන්න මම කල්පනා කරා . සමහර ජ්‍යෝතිෂ වේදීන් කියනවා සෙනසුරු අපල , ඒරාෂ්ටක අපල වගේ දේවල් ලබලා තියෙනකොට ” ඔයා විදේශගත වෙන්න , එතකොට අපලය අඩු වෙනවා ” කියලා .

 

ඇත්තටම සෙනසුරු අපල වලදී වෙන්නේ අපලය අඩුවෙන්න විදේශ ගතවෙන්න කිව්වත් නැතත් පවුලෙන් අම්මා තාත්තා දෙන්නාගෙන් ඈත් වෙලා විදේශගත වෙන්න සිදුවීම . ඒ නිසා සෙනසුරු අපල ලබනකොට සමහරු කියනවා විදේශ ගත වෙන්න කියලා . ඒ වුණාට මතක තියාගන්න ඕන කිව්වත් නැතත් විදේශ ගතවෙන්න වෙනවා කියලා .

 

මාතෘ භූමියට මනුෂ්‍යයෙක් අලවලා තියාගන්න සෙනසුරු ග්‍රහයා දායක වෙනවා . කේන්දරේක සෙනසුරු බලවත් නම් මම අත්දැකීමෙන් දැකලා තියෙනවා විදේශ ගතවෙන්න අපහසු තත්වයක් තියෙනවා කියලා . ඒවගේ වෙලාවල් වලදී සාමාන්‍යයෙන් අපි කරන්නේ ග්‍රහයා පාලනය කරලා විදේශගත වෙන්න අවස්තාව හදලා දෙන එක . ඒවගේ ප්‍රතිකාර වලින් අපිට අවශ්‍ය දේ කරගන්න පුළුවන් වෙනවා .

 

පදිංචි වීම වෙනුවෙන් විදේශගත වෙනවා නම් අනිවාර්යයෙන්ම සෙනසුරු සම්බන්ධව පරීක්ෂා කරන්න ඕන . විදේශගත වීමට තියෙන හැකියාවන් එක්ක සෙනසුරු සම්බන්ධව හොඳ තත්වයක් තියෙනවා නම් එයාට විදේශගත වෙන්න පුළුවන් .

 

අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වෙන්න කල්පනා කරනවා නම් එයා වෙනුවෙන් පරීක්ෂා වෙන්න අවශ්‍ය වෙන්නේ ගුරු ග්‍රහයා සහ විදේශගත වෙන්න කේන්දරේ තියෙන හැකියාව කොහොමද කියලා පරීක්ෂා කරන එක .

 

මේ දක්වා බලපු ජන්ම පත්‍රවල වැඩි දෙනෙක් වැඩියෙන්ම අහලා තියෙන ප්‍රශ්නය තමයි ඔය විදේශගත වීම කියන දේ . ඒ නිසා තමයි මේ ලිපිය කෙටියෙන් හරි ලියන්න කල්පනා කරේ .

 

ඔයත් විදේශ ගතවෙන්න ඉන්නවා නම් හෝ විදේශගතවීම සහ වීසා හදාගැනීම සම්බන්ධව ප්‍රශ්න තියෙන කෙනෙක් නම් අපේ ජ්‍යෝතිෂ සේවය එක්ක සම්බන්ධ වෙලා ජන්ම පත්‍රය පරීක්ෂා කරගෙන තියෙන බාධාවන් නැති කරගෙන තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න .

 

මේ බට්න් එක ක්ලික් කරලා සම්බන්ධ වෙන්න .

 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

  ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10
  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු
  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම
මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව
  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට
  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් .
  කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන්
  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි
    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන්
    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක්
  1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ
  බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *