ගුප්තජ්‍යෝතිෂ විද්‍යාව

සූනියම් දෙවියන් වසඟයට ගන්නා ගිලගං දැහැන් හත

 

සූනියම් දෙවියන් වසඟයට ගන්න විවිධ ක්‍රම තියෙනවා . මේ ගිලගං දැහැන් හත කියන්නෙත් ඒ වගේ මන්ත්‍රයක් . මේ මන්ත්‍රයෙන් සූනියම් දෙවියන් වසඟයට ගන්න නම් සාමාන්‍යයෙන් අවශ්‍ය පුද පූජා සියල්ලම තියලා ජීවම් කිරීම කරන්න අවශ්‍ය වෙනවා . සමහරු අංජනම් එලි බලන අයත් මේ මන්ත්‍රය ඔස්සේ සූනියම් දෙවියන් වසඟයට ගැනීම කරගන්නවා .

 

මොකද මන්ත්‍ර කර්මය කරනකොට සූනියම් දෙවියන්ගේ ඇල්ම බැල්ම නිතරම තියෙන්න අවශ්‍ය වෙන නිසා . මේ මන්ත්‍රය මතුරමින් සූනියම් දෙවියන් වසඟයට ගන්න නම් මුලින්ම දෙවියන් වෙනුවෙන් පේ වෙන්න ඕන . ඊට පස්සේ දෙවියන් වෙනුවෙන් පහන් පත්තු කරන්න ඕන . ඊටත් පස්සේ පුද පූජා තියලා දෙවියන් වෙනුවෙන් හිත පිහිටුවාගෙන මේ මන්තරය ජප කිරීම කරන්න ඕන .

 

මන්ත්‍රය සිද්ධි වෙනකොට සූනියම් දෙවියන් අශ්වයාගේ පිටේ එනවා ඇහෙනවා . ඊට පස්සේ වෙනත් වෙනත් භයානක ශබ්ධ ඇතිවෙනවා . ඒවාට බය වෙන්නේ නැතිව මන්ත්‍රය දිගටම මතුරන්න ඕන . එතකොට තමයි දෙවියන් පේන්න එන්නේ . ඊට පස්සේ තමන්ට අවශ්‍ය දේ දෙවියන්ගෙන් ඉල්ලන්න පුළුවන් නම් ඒ දේ ඉෂ්ට කරගන්න පුළුවන් .

 

සූනියම් දෙවියන් වසඟයට ගන්නා කෙනාගේ පිටුපස නිතරම දෙවියන් ගමන් කරනවා කියලා පිළිගැනීමක් තියෙනවා . ඒ නිසා බොහොම සිල්වත්ව සහ ප්‍රවේසම් සහිතව තමයි ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ . ගුරු ඇසුරක් සහිතව මේ වැඩේ කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි . මේ තියෙන්නේ මහානුභාව සම්පන්න ගිලගං දැහැන් හත .

ඕං ඉන්ද්‍ර නීල සුර රාම දිෂ්ටි නීල හංස ඔඩ්ඩි මස්සිනේ වර වර
චන්ද්‍ර සූර්ය දිෂ්ටි නීල වර්ණ දිෂ්ටියෙන් බබළ බබළා වර වර
කල්ලු කූඨ ධාරණී සුරාම ඔඩ්ඩි මස්සිනේ මාගේ හදවතට ආරූඪව දිෂ්ටි වර
ඔඩ්ඩියා නීල පාසාන්
මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ

ඕං රාම ඔඩ්ඩියා ප්‍රමෙශ්වර කදිර නාරායනේ වර වර
කල්ලු කූඨ මස්සිනා වර වර
කාකා උපුට උපුටා වර වර
මාදෙස බලා මහවිෂ්ණු ආනුභාවෙන්
ඔඩ්ඩිමස්සිනේ හනුමා ලෝක ධාරණී වර වර ඔඩ්ඩියානේ
මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ

ඕං සුර ගුරුළු කල්ලු ගිනි විමානේ උපුට උපුටා වර වර
ඔඩ්ඩියා ගර්ජනා කර මුහුදු හතේ කොදෙව් දෙදහසේ නොසිට වර වර
ඔඩ්ඩි මස්සිනේ ස්වර්ණ දිෂ්ටි වැටී වර වර මස්සිනා
මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ

ඕං ප්‍රලයං පංකාම රූපනී හංහං වංත්‍ර එංඑං මූර්තුකාකීල
ඔඩ්ඩිමස්සිනේ වර වර පිල්ලු පෙරළුසුම් ශූලවර්ණ අවතාර හෙළා දිෂ්ටි වර වර
බන්ද බන්ද අයියප්පුල්ලේ කල්ලු කුළු විමානේ කරකැවි වර වර
මස්සිනා උග්‍ර බිම්බේ
මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ

ඕං ගිනි අල්ලා බ්‍රාඩි හනුමන්තා ගිනි ගිනි විෂ්ණු වර වර
ඉරු බන්දු කාමරූපී යක්‍ෂණියන් පිරිවරා දඹදිව හිමාල වනය
රන් තුඹස පිට වැඩ සිටගෙන මේ නරලොවට ගෙන්නූ ආනුභාවෙන්
මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ

ඕං හනුමන්තා හුලිංග මලේ කච්චින්තු දළපුර හස්ති
කන්ද ස්වාමි අණින් එන්ඩ ඔඩ්ඩි මස්සිනේ වේලාපුරන්දා
මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ

ඕං ත්‍රිං ත්‍රිං අස්මාරී මහා බල ඔඩ්ඩි මස්සිනේ
සාමානි එන්පුරන්දු ශ්‍රී විෂ්ණු ආනුභාවෙන්
මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ

 

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය සමග සම්බන්ධ වීමට පහත image එක මත Click කරන්න

රතන සූත්‍ර දේශනාව – සිංහල , පාලි , Audio , Video
  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට
Read more.
මාතලේ අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය
  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් .
Read more.
දරුවෙකුගේ හිසකෙස් කැපීමේ මංගල චාරිත්‍රය
  කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන්
Read more.
විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය
  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි
Read more.
ඇත් සොහොන් සංකල්පය
    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන්
Read more.
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න
    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක්
Read more.
ආටානාටිය සුත්‍රය ( සිංහල )
  1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ
Read more.
ඉන්ද්‍රධ්වජය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය
  බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත්
Read more.
ළිඳක් වැසීම හා වැනසීම
  වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා
Read more.
මරු විස කලාව
  අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ
Read more.
පංචායුධය
  කීප තැනක අම්මලා කියලා තියෙනවා දැක්කා පංචායුධ එල්ලුවේ නැහැ අපි දරුවන්ගේ කරේ , ධර්මචක්‍ර එල්ලුවා කියලා . ධර්ම චක්‍රය
Read more.
ස්කන්ධ කුමාර වර දානය – කතරගම දෙවියන්ගේ වර ලබාගැනීමේ පැරණි ක්‍රමයක්
  කතරගම දෙවියන් සම්බන්ධව කතා කරනකොට බහුතරයක් අයට වර ලාභ ලබාදීම සම්බන්ධව ඉතිහාස කතා කියවෙනවා . කතරගම දෙවියන්ගෙන් වර ලබාගැනීම
Read more.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *