නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 3 – වෘක්ෂ වේද දෝෂය

 

 

සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .

ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . ” වේද ” කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .

වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 2 – ද්වාර වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා ද්වාර වේද දෝෂය කියන්නේ මොකක්ද සහ ද්වාර වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ වෘක්ෂ වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .

වෘක්ෂ කියනකොටම අපි දන්නවා මේ කතා කරන්නේ ගහක් ගැන තමයි කියලා . ඔව් , ඇත්තටම මේ ගහක් ගැන තමයි කතා කරන්නේ . ගස් පරිසරයේ කොටසක් . අපි හිටවලා හෝ ඉබේ පැළ වෙලා හැදෙන ගස් වුණත් ඒවා පරිසරයේ කොටස් . නිවාස හැදීම අපි කරන්නේ අපි ජීවත් වෙලා ඉන්න පරිසරයේ සමතුලිතය ඇත්තටම බිඳ දැමීමක් කරමින් . ඒ නිසා ඒ බිඳ දැමීම නිසාත් වෙන්න පුළුවන් මේ වෘක්ෂ නිවාස ඉදිරිපිට පිහිටීම නිසා දෝෂයක් ඇතිවෙන්න පුළුවන් . වෘක්ෂ වේද දෝෂය කියලා කියන්නෙත් එහෙම ඇතිවෙන දෝෂයක් .

වෘක්ෂ වේද දෝෂය ඇතිවෙන්නේ මෙහෙමයි . නිවසක් ඉදිරිපිට සාමාන්‍යයෙන් විශාල ගහක් තියෙනවා නම් හෝ , නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව ඉදිරියේ විශාල ගහක් පිහිටලා තියෙනවානම් හෝ නිවස අන්ධකාර කරගෙන මහා යෝධයෙක් වගේ ගහක් පිහිටලා තියෙනවානම් ඒ ගෙදරට වෘක්ෂ වේද දෝෂය තියෙනවා කියලා කියනවා .

මේක මම වැඩි වාර ගණනක් අත්දැකීමෙන් දැකලා තියෙන දෝෂයක් . මේවගේ ගෙවල්වල වැඩියෙන්ම ගෘහමූලිකයා රෝගී වෙනවා . සෙම ආශ්‍රිත ලෙඩ රෝග තමයි ඇතිවෙන්නේ . ඒවගේම මුදල් නිවසට ගලාගෙන ඒම නතර වෙනවා . වියදම් වැඩි වෙනවා .

ප්‍රායෝගිකව බැලුවත් මේ කරුණු කාරණා ඇත්ත වෙන්න පුළුවන් . මොකද නිවස අඳුරු වෙලා තියෙනවානම් සහ ගහෙන් නිවස වැඩියෙන් ආවරණය වෙලා තියෙනවානම් ඒ නිවසේ අභ්‍යන්තරයට ඉර එලිය වැටීම අඩු වෙනවා . ඒවගේම තමයි හුළඟ නිවසට ඇතුළුවෙලා පිටවීමක් වෙනෙන් නැහැ . සාමාන්‍යයෙන් වාස්තු විද්‍යාවේ උගන්වන්නේ ඉර එළියෙන් නිවස අතුල ආලෝකවත් වීම සහ හුළඟ සංසරණයවීමෙන් නිවස සිසිල් වීම . මේ වෘක්ෂ වේද දෝෂය නිසා මේ කරුණු කාරණා දුර්වල වෙනවා .

ඊට පස්සේ වෙන්නේ නිවසේ විසබීජ වර්ධනය වීම .දිලීර සහ වෛරස් බැක්ටීරියා වර්ධනය වෙනවා . මේ නිසා වෙන්න පුළුවන් මේ වගේ නිවෙස්වල අයට සෙම ආශ්‍රිත ලෙඩරෝග වැඩි වෙන්නේ .

මීට අමතරව ඵල නොදරන ගස් නිවස ඉදිරිපිට තිබීමත් වෘක්ෂ වේද දෝෂය කියලා ගණන් ගන්නවා . මොකද ඵල දරන්නේ නැහැ කියලා කියන්නේ අසුබ කාරණාවක් විදියට ගණන් ගැනෙන නිසා . ඒ නිසා වෘක්ෂ වේද දෝෂය සාමාන්‍යයෙන් වේද දෝෂවල ප්‍රධානම වේද දෝෂයක් විදියට ගණන් ගන්නවා .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

  ලංකාවේ මුල් බැසගත් දේව වන්දනා වලදී කඩවර දෙවියන් හෝ කඩවර යක්ෂයා වන්දනා කිරීම ඈත අතීතයේ ඉඳලාම සිදුවෙන දෙයක් .
දන්නවද පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේව . රේරුකානේ හාමුදුරුවෝ කියලා තමයි වැඩිදෙනෙක් මේ හාමුදුරුවන්ව
  මෑත කාලයේ අපිට අහන්න දකින්න ලැබුණු බුද්ධාංකුරයාණන් වහන්සේ නමක් විදියට මහා කම්මට්ඨානාචාර්ය මහෝපාධ්‍යාය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන්
  ඔබගේ දැනට පවතින නිවසේ හෝ සෑදීමට බලාපොරොත්තුවන නිවසේ නිවාස සැලසුමේ වාස්තු දෝෂ තිබේ නම් ඒවා පරීක්ෂාකර එම දෝෂ වලට
  දරුවන් අපේක්ෂාවෙන් සිටින එහෙත් තවමත් දරුවන් නොමැති අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම සඳහා අය කරන ලද නිශ්චිත මුදල දරාගැනීමට
  දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්‍රමාණයකගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට
වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා
  බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන
  ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10
  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු
  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම
මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *