නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 2 – ද්වාර වේද දෝෂය

 

 

සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .

ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . ” වේද ” කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .

වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 1 – බ්‍රහ්ම වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා බ්‍රහ්ම වේද දෝෂය කියන්නේ මොකක්ද සහ බ්‍රහ්ම වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ ද්වාර වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා . ද්වාර කියන්නේ දොර කියන තේරුම . ද්වාර වේද දෝෂය කියලා කියන්නේ දොරක් නිසා ඇතිවෙන වේද දෝෂය කියන තේරුම . ද්වාර වේද දෝෂයෙදී කියන්නේ ප්‍රධානවම , නිවසේ ප්‍රධාන උළුවස්ස ඉදිරියේ ඒ උළුවස්සේ උස වගේ දෙගුණයක් දුර සහිත සීමාව ඇතුලේ තවත් නිවසක ප්‍රධාන උළුවස්ස පැවතීම නිසා ඇතිවෙන දෝෂයට .

සාමාන්‍යයෙන් නිවසකට නිවසක් මුහුණලා පවතිනකොට ඒ නිවසේ දේවල් මේ නිවසට පෙනීමත් මේ නිවසේ දේවල් ඒ නිවසට පෙනීමත් නිසා නිවාස දෙකේ පෞද්ගලිකත්වය කියන දේවල් පිටට පෙනීම වෙන්න පුළුවන් . ඒ නිසා ඇතිවෙන ප්‍රශ්න වළකා ගන්න තමයි මේ දෝෂය විස්තර කරලා ඒ දෝෂය මගහරවාගන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ .

ද්වාර වේද දෝෂය ඇතිවෙන තවත් ක්‍රමයක් තමයි පාරක් ආසන්නයේම දොරක් පිහිටලා තිබීම . ඒ නිසා පාරේ ගමන් කරන අයට නිවාස ඇතුලේ දේවල් පෙනීම නිසාත් දෝෂයක් ඇතිවෙනවා . ඒවගේම තමයි ඒ දෝෂය නිසා ගැටළු පැන නැගීමක් වීමත් වෙනවා . ඒවාත් මේ දෝෂය මගහරවාගැනීමෙන් මගහරවා ගන්න පුලුවන්න .

ද්වාර වේද දෝෂය ඇතිවෙන තවත් ක්‍රමයක් තමයි නිවසේ ප්‍රධාන දොරටුව නිවසේ ගේට්ටුවට එකඑල්ලේ පිහිටා තිබීම . එතනත් වෙන්නේ ප්‍රධාන පාරට ප්‍රධාන උළුවස්ස විවෘත වීම නිසා ඇතිවෙන වේද දෝෂයම තමයි . මේ දෝෂ මගහරවාගන්න ප්‍රායෝගිකව යම් යම් උපක්‍රම තියෙනවා . ඒවගේම තමයි පිළියම් තියෙනවා . හැබැයි නව නිවසක් ඉදි කිරීමේදී මේ දෝෂ ඇතිවෙන්නේ නැතිවෙන්න නිවාස සැලසුම් කිරීම තමයි වැදගත් වෙන්නේ .

  2023 වර්ෂය ඔබගේ ජන්ම පත්‍රය අනුව කොයි ආකාරයෙන් ඔබට බලපානවාද යන්න මෙම සේවාව ඔස්සේ විශේෂයෙන් පැහැදිලි කිරීම සිදු කරන
  බලංගොඩ මානවයාගේ පොසිල සොයා ගැනීමත් සමගම සබරගමුවේ ඉතිහාසය සිතාගත නොහැකි තරම් ඈතට දිව ගියේය.ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සිට මෙසේ පරිණාමය
  සබරගමුවේ ජීවත්වන සියළු දෙනාම තම ජීවිතයේ වැදගත් සෑම අවස්ථාවකදීම සමන් දෙවිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට හුරු පුරුදු වී තිබේ.දෙවියන්
ජෛවීය විද්‍යාවේ ඉගැන්වෙන විදියට යම් විශේෂයක අකණ්ඩ පැවැත්ම තහවුරු වෙන්න නම් ඒ ජීව විශේෂය අනිවාර්යයෙන්ම තමන්ගේ ජාන පරම්පරාව ඉදිරියට පවත්වාගෙන
  ලංකාවේ මුල් බැසගත් දේව වන්දනා වලදී කඩවර දෙවියන් හෝ කඩවර යක්ෂයා වන්දනා කිරීම ඈත අතීතයේ ඉඳලාම සිදුවෙන දෙයක් .
දන්නවද පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේව . රේරුකානේ හාමුදුරුවෝ කියලා තමයි වැඩිදෙනෙක් මේ හාමුදුරුවන්ව
  මෑත කාලයේ අපිට අහන්න දකින්න ලැබුණු බුද්ධාංකුරයාණන් වහන්සේ නමක් විදියට මහා කම්මට්ඨානාචාර්ය මහෝපාධ්‍යාය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන්
  ඔබගේ දැනට පවතින නිවසේ හෝ සෑදීමට බලාපොරොත්තුවන නිවසේ නිවාස සැලසුමේ වාස්තු දෝෂ තිබේ නම් ඒවා පරීක්ෂාකර එම දෝෂ වලට
  දරුවන් අපේක්ෂාවෙන් සිටින එහෙත් තවමත් දරුවන් නොමැති අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම සඳහා අය කරන ලද නිශ්චිත මුදල දරාගැනීමට
  දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්‍රමාණයකගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට
වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා
  බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන