ජ්‍යෝතිෂ විද්‍යාව අනුව කරන මෙම ප්‍රතිකාර කිරීමේදී ස්ත්‍රී පුරුෂ ජන්ම පත්‍ර වෙන වෙනම පරීක්ෂා කෙරෙන අතර විවාහ ගැළපීම , පොරොන්දම් තත්වය සහ ග්‍රහ බලපෑම් ගැළපීම කෙසේද කියා විශේෂයෙන්ම පරීක්ෂා කරනු ලැබේ .
දරුවන් පිළිසිඳගැනීම් සිදුවී කලකට පසුව ස්වාභාවිකවම ගබ්සාවී තිබේනම් ඒ පිළිබඳ විස්තර කේන්දර සටහන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාකච්ඡා කිරීමට හැකි බැවින් මුලින් එම තොරතුරු යොමු කිරීමෙන් වළකින්න .
පවතින දෝෂය කුමක්ද කියා සොයා ගැනීමට ඔබ එසේ කලින් යොමු කරන තොරතුරු භාධාවක් වේ .
මනුෂ්‍ය ජීවිතයේ වටිනාම සම්පත වන්නේ දරු සම්පතයි . එහෙත් අදවනවිට පවතින සාමාජ පාරිසරික මානසික සහ ශාරීරික ගැටළු හේතුවෙන් බහුතරයක් දරු සම්පතට උරුමකම් කියන්නේ නැත . ජීව විද්‍යාත්මකව බලනවිට දරුවෙකු පිළිසිඳගැනීම ජෛවීය කාර්යයක් වුවද ඒ සඳහා ඇති ආධ්‍යාත්මික සහ විශ්වීය බලපෑම පිලිබඳ සලකා බැලීමද වැදගත් වේ .
සමහර අවස්ථාවලදී හෝමෝනමය සමතුලනයට , ආර්තව චක්‍රයේ නිසි ක්රියාකාරීත්වයද , පුරුෂ සරු භාවයද ඉහළ මට්ටමක පැවතුනද , ස්වභාවිකව හෝ කෘත්‍රීම ලෙස කළලයක් පිළිසිඳ ගැන්වීම සිදු කලත් එය ගර්භාෂයේ තැම්පත්වී වර්ධනය වීම සිදුවන්නේ නැත . සමහර වෛද්‍ය ක්‍රම වලදී මේ සඳහා පිළිතුරුද නොමැත .
ජ්‍යෝතිෂ විද්‍යාත්මක සංකල්ප , ආයුර්වේද විද්‍යාත්මක සංකල්ප සහ එයින් ඔබ්බට ගිය ගුප්ත විද්‍යාත්මක සංකල්ප මෙම දරුඵල ලබාගැනීම සම්බන්ධව සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට අතීතයේදී උපයෝගී කරගෙන තිබේ . ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවාව මගින් පාරම්පරික ජ්‍යෝතිෂ විද්‍යාව සේවාවක් ලෙස සැපයීම ආරම්භ කරන ලද කාලයේ සිට සිදු කරගෙන ආ යම් යම් පර්යේෂණ අනුව ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර සහ ඒ ආශ්‍රිතවම සිදු කරනු ලබන යන්ත්‍ර පැළඳීම සහ සෙත් කවි කීම යන ප්‍රතිකාර ක්‍රම ඔස්සේ දීර්ඝ කාලීනව දරුවන් නොමැතිව සිටි අයට පවා දරුඵල ලබාගැනීමට හැකි වී තිබේ . එබැවින් මෙම සේවාව ඔස්සේ සිදු කරනු ලබන්නේ අත්දැකීම් අනුව ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර නියම කිරීමකි .
ජන්ම පත්‍රය අනුව ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා එසේත් නැත්නම් එම විවාහක යුවලටම හෝ වේවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර ගැනීමට අවශ්‍යතාවයක් පවතීනම් ආයුර්වේද වෛද්‍ය පාසලක ඉගැන්වීම් කටයුතු කරන ආයුර්වේද වෛද්‍ය ආචාරිණී වරියක් සහ පාරම්පරිකව ද වෛද්‍ය කටයුතු කරගෙන එනු ලබන ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත ඔබ සම්බන්ධ කිරීම මෙම සේවාවේ වැදගත්ම අනු සේවාවක් ලෙස සිදු කරනු ලැබේ .
( ඔවුන්ගේ වෛද්‍ය සේවාවන් සමග මෙම ජ්‍යෝතිෂ සේවාව කිසිම ආකාරයකින් සම්බන්ධ නොමැති අතර ඔබ එම වෛද්‍ය වරුන් වෙත යොමු කිරීමෙන් කිසිඳු ආර්ථිකමය වාසියක් ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවාව වෙත බලාපොරොත්තු වන්නේ නැති බව කරුණාවෙන් සලකන්න )
මෙම සේවාව ඔන්ලයින් සේවාවක් ලෙස පවත්වාගෙන යනු ලබන අතර කාර්යාලයකට පැමිණ හමුවීමට අවස්ථාවක සලසා නොමැත . එබැවින් වැඩිදුර සාකච්ඡා කිරීමක් අවශ්‍ය වන්නේ නම් දුරකථන ඇමතුම් ඔස්සේ ඒ පිලිබඳ කටයුතු කිරීමට අවස්ථාව සලසා තිබේ .
ඉහත තොරතුරු ලබා දී මෙම සේවාව හා සම්බන්ධ වීමට පහත Online Form එක ඔස්සේ ඔබ දෙපළගේ දත්ත අප වෙත එවිය හැක .
විවාහක යුවලගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේ මෙම සේවාව සඳහා 3000 / = ක මුදලක් අය කෙරේ . මුදල් ගෙවීමේ කටයුතු පිළිබඳව පෞද්ගලිකත්ව දැනුම් දීමට කටයුතු කෙරේ .
දුරකථන ඇමතුමකින් ඔබව හැකි ඉක්මණින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරනු ලැබේ . ඔබ මෙම සේවාව සමග සම්බන්ධ වන්නේනම් පමණක් පහත Form එක පුරවා එවන්න .
One thought on “දරුපල අහිමි අය සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර”