Blogජ්‍යෝතිෂ විද්‍යාව

සෙනසුරු ධනුවේ එරාෂ්ටක වීම

ස්වස්ති සිද්ධම්

ග්‍රහ මණ්ඩලයේ මහල්ලා විදියට නම් දරා සිටින සෙනසුරු ග්‍රහයා තමන්ගේ සතුරු රාශියක් වන වෘශ්චික රාශියේ ඉඳලා තව ටික දවසකින් , ඒ කියන්නේ 2017 ජනවාරි 26 වෙනිදා තමන්ගේ සම රාශියක් වන ධනු රාශියේ කේතුට අයිති මුල නැකතේ පළවෙනි පාදයට සම්ප්‍රාප්ත වෙනවා .

සෙනසුරු ටිකක් එක විදියක එක්කෙනෙක් . ග්‍රහ මණ්ඩලයේ මහල්ලා විදියට තමයි සෙනසුරු හඳුන්වන්නේ . ජ්‍යෝතිෂ ගැන ලියවිලා තියෙන එක එක පොත් ගණනාවක සෙනසුරු ගැන කීප විදියකට සඳහන් වෙනවා . සෙනසුරුට කෘෂ්ණ , වලීමුඛ , නීලාම්භර , ශනෛශ්වර , වගේ නම් රාශියක් යෙදෙනවා . මකර කුම්භ කියන ලග්න දෙකේ හිමිකරු වෙන්නෙත් සෙනසුරු .

විෂ්ණු දෙවියන් තමයි සෙනසුරු ග්‍රහයාගේ ස්වාමිත්වය හොබවන්නේ . හැරමිටිය , නළාව සහ ස්වස්තිකය කියන දේවල් සෙනසුරුට අයිති දේවල් වෙනවා . කියන්න ඕන විශේෂම දේ තමයි සෙනසුරුට අයත් වාහනය වෙන්නේ කපුටා කියන කාරණාව . මෙන්න මේ දේවල් මතක තියාගෙන අපි සෙනසුරු ගැන කතා කරමු .

සෙනසුරුගෙ බලපෑම ගැන කතා කිරීමම එක විදියක ජ්‍යෝතිෂ විද්‍යාවේ එක් විෂය පථයක් වෙලා තියෙනවා . ඒ ඇයි ? . සෙනසුරු තමයි කර්මය අරගෙන එන ග්‍රහයා විදියට හඳුන්වන්නේ . පවු පලදීම සෙනසුරුගේ කාලේ හොඳට දකින්න පුළුවන්වෙන දෙයක් . වෙනත් දේවල් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ . මේ දවස් වල මට පරීක්ෂා කරන්න ලැබුණු කේන්ද්‍ර සටහන් ගණනාවකම ප්‍රධාන ප්‍රශ්න ගැන හිතලා බලනකොට සෙනසුරුගේ ගෙවල් මාරු කිරීම නිසා වෙන දේවල් කියලා සැකහැර දැනගන්න පුළුවන් වුණා .

ජෛවීය විද්‍යාව හදාරන කෙනෙක් හැටියට ග්‍රහ බලපෑම නිසා ශරීරයට වෙන බලපෑම මට මෙහෙම විස්තර කරන්න පුළුවන් .

ජ්‍යෝතිෂ විද්‍යාවේ ග්‍රහයින්ගේ බලපෑම් එල්ලවීම ශරීරයට බෙදලා දීලා තියෙනවා . එක් එක් ග්‍රහයින් තමන් තමන්ගේ ස්ථානවල ඉඳගෙන කොහොමද අපේ ශරීරයට බලපෑම් එල්ල කරන්නේ කියලා විග්‍රහ කෙරෙන එක් පැතිකඩක් ජ්‍යෝතිෂ විද්‍යාවේ තියෙනවා . ඒ අනුව බලනකොට කාලයක් තිස්සේ එක තැනකට බලපාපු ග්‍රහයෙක් ශරීරයේ තවත් තැනකට බලපානකොට ඒ බලපෑම එකවරම වාගේ වෙනස් වෙන්න ගන්නකොට අපේ ශරීරයට ඒ දේ තදින්ම දැනෙන්න ගන්නවා . මොකද ? , කාලයක් තිබ්බ බලපෑම වෙනස් වෙන නිසා .

ඒ දැනීම එක එක විදියට වෙන්න පුළුවන් . තුවාල , අතපය බිඳීම , ස්නායු ආබාධ , ආහාර මාර්ගයේ ආබාධ , හෘද් කපාටවල ගැටළු , ලේ කැටිගැසීම වගේ නොයෙක් ප්‍රශ්න මේවගේ ග්‍රහ මාරුවීම් නිසා එන්න පුළුවන් . එහෙම හොඳ බලපෑමක් කරලා තමයි ග්‍රහ බලය ශරීරයේ තවත් තැනකට කෙන්ද්‍රගත වෙන්නේ .

පොතේ දනුමෙන්ම නෙවෙයි මම ඒ අදහද ඉදිරිපත් කරන්නේ . කාලයක් තිස්සේ කේන්දරත් එක්ක ඉඳලා එකතුකරපු අත්දැකීම් අනුවයි එහෙම කියන්නේ . ඒ නිසා මේ කාලේ ඔයාලාගේ ශරීර සෞඛ්‍ය තත්වය දුර්වලයි නම් , යම් යම් ප්‍රශ්න එනවානම් අපිට සැක කරන්න පුළුවන් මේ සෙනසුරු තමන්ගේ සතුරු රාශියෙන් පිටත් වෙන්න හදන වෙලාව නිසා නේද එහෙම වෙනවා ඈත්තේ කියලා .

නිව්ටන් නියම අනුව මේ බලපෑම ගැන විස්තර කරනවානම් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය තමයි මට මතක් වෙන්නේ . ස්කන්ධය වැඩිවීම ගුරුත්වාකර්ෂණ බලය වැඩි කිරීමට හේතු වෙනවා . එතකොට සෙනසුරු කියන්නේ විශාල ස්කන්ධයක් තියෙන ග්‍රහ වස්තුවක් . ඒ අනුව බලනකොට සෙනසුරු , බ්‍රහපතී වගේ ග්‍රහයින් පොළවට ඇතිකරන බලපෑම අධිකයි . මේ අධිකතර බලපෑම වෙනස් වීම අපේ ජීවිත වල යම් යම් පැතිකඩවල් වෙනස් කරන්නත් ඉදිරිපත් වෙන්න පුළුවන් .

ක්වොන්ටම් විද්‍යාව අනුව ග්‍රහ බලපෑම මෙහෙම විස්තර කරන්න පුළුවන් . ශක්තිය සංඛ්‍යාතය තරංග ආයාමය පරාවර්තනය වර්තනය වගේ දේවල් නිසා සූර්යාගේ ඉඳලා එන කිරණ ග්‍රහ වස්තූන් වෙත වැදිලා පරාවර්තනය වෙන කිරණ පොළවට පැමිණෙනවා . ඒ කිරණ වලට අපි නිරාවරණය වෙනවා . අපේ ඇඟේ හැම දෙයක්ම වැඩ කරන්නේ ශක්ති සමතුලනය වීමක් එක්ක . ප්‍රෝටීන සංශ්ලේෂණය , නියුක්ලෙයික් අම්ල සංශ්ලේෂණය වගේ දේවල් වෙන්නෙත් සමතුලනයක් ඇතිව .

ක්වොන්ටම් විද්‍යාවේ කියවෙන විදියට ශක්ති පැකට් , එහෙමත් නැත්නම් ශක්ති ක්වොන්ටාවල් විදියට මේ එක් එක් ග්‍රහයින් පරාවර්තනය කරන ශක්ති පැකට් වල තියෙන්නේ විවිධ ශක්තීන් . ඒ ශක්තීන් අවසානයේ අපේ ශරීරයේ අවශෝෂණය කරගන්නා විදියට ශරීරයට බලපානවා . ඒ බලපෑම තමයි ජ්‍යෝතිෂ විද්‍යාව අනුව කතා කරන්නේ .

අපල වලට කරන සමහර පිළිවෙත් බැලුවම මට හිතෙන්නේ මේ අහිතකර ශක්තිය හිතකර තත්වයට පත් කරන එකක් තමයි මේ පිළිවෙත් වලින් කරන්නේ කියලා . ගැටලුව තියෙන්නේ මේවා විද්‍යාත්මක ක්‍රම වලින් ඔප්පු කරලා පෙන්වන්නේ ලේසියෙන් නොහැකි වීම . ඒ නිසා කෙනෙක්ට පුළුවන් නැහැ මේවා බොරු කියලා තර්ක කරන්න . ඒත් වටපිටාව ගැන ටිකක් හොයලා පොතක් පතක් කියවලා තමන්ගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් මේවායේ තියෙන සාර්ථක බව ගැන අදහසක් ගන්න පුළුවන් .

වැඩියෙන්ම මේ ලිපිය මම ලියන්න අදහස් කරේ සෙනසුරු මාරුවෙන් බලපෑම් වෙන්නේ කොහොමද කියලා කියන්න නෙවෙයි . සෙනසුරු මාරුවෙන් අපල උපද්‍රව තියෙන අයට ඒ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා වවිස්තර කරන්න . උඩින් කියලා තියෙන දේවල් කිව්වේ ඒ දේවල් වලට පූර්විකාවක් විදියට . එහෙනම් අපි බලමු මෙතැන ඉඳලා සෙනසුරු මාරුව නිසා අපල උපද්‍රව වෙලා තියෙන අයට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා .

සෙනසුරු කියන්නේ පවු පලදෙවන්නා විදියට තමයි මම දකින්නේ . පවු , අකුසල කර්ම කුසල කර්ම වලින් යටපත් කරන්න හැකියාවක් තියෙනවා . බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ අහෝසි කර්ම කියලා දෙයක් අන්න ඒ නිසා තමයි . ඒ නිසා පිං දහම් වැඩි වැඩියෙන් මේ කාලේ කරන්න . ප්‍රතිපත්ති විතරක් රැක්කා කියලා ඉන්න එපා ; ආමිසයත් වර්ධනය කරන්න . ඒ පිං ගැන හිතලා සතුටු වෙන්න “ මම මෙහෙම දෙයක් කරා නේද “ කියලා . එතකොට ඔයාලට තියෙන පවු අඩුවෙලා මේ අපල තත්ත්ව අඩුවෙලා යයි .

සෙනසුරු මහල්ලෙක් . ඒ නිසා එයාව සතුටු කරන්න නම් අපි කරන්න ඕන අහිසක අසරණ දුප්පත් රෝගීන් මහල්ලන් ආබාදිතයින් අබ්බගාත අයට සලකලා ඒ ලැබෙන පිං දෙවියන්ට අනුමෝදන් කිරීම . ඒ නිසා දෙවියන් පිං අනුමෝදන් වෙලා අපල තත්ත්ව දුරු කරන්න දායක වෙනවා . සෙනසුරාදා දවසේ සෙනසුරු හෝරාවේදී කැකුළු සහල් වලින් පිසගත් බත් සමහ එළවලු සහ කරවල සහිත ආහාර අර මම කිව්ව වගේ අයට දන් දීමත් විශේෂ පුණ්‍යකර්මයක් .

නිල් පාට තමයි සෙනසුරුගේ පාට . කළු පාටට ගුරු තද නිල් . අන්න ඒ පාට සහිත ඇඳුම් එහෙම දන් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි . මේ හැම පිනක්ම විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරලා අපල උපද්‍රව දුරු කරලා දෙන්න කියලා ඉල්ලා හිටින්න .

මම කලින් කිව්වා සෙනසුරුට අයිති වාහනය කපුටා කියලා . කපුටා කියන්නේ තියෙන හැම කෑමක්ම කාලා කාලා දිරවගන්න බැරිව ඉන්න එක්කෙනෙක් . ඒ නිසා කපුටාගේ ආහාර මාර්ගයට සහනයක් වෙන්න කියලා තමයි අපි නියම කරන්නේ එළඟිතෙල් පොඟවපු පහන් තිර ගිලින්න දෙන්න කියලා . එතකොට තමන්ගේ වාහනය වන සතාට සැලකුවා කියලා සෙනසුරු සතුටු වෙනවා . එතකොට අපල තත්ත්ව දුරු වෙනවා . ඊටත් වඩා හොඳයි එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ගුලි කපුටන්ට කන්න දෙන්න පුළුවන් නම් .

නුග ගහට සත්කාර කිරීම තවත් වැදගත් දෙයක් . මෙන්න මෙතනදී තමයි මම ඔයාලට බොන්සායි කලාව හඳුන්වා දෙන්න ඕන කියලා කල්පනා කරේ . ඕන තරම් නුග පැල තියෙනවා තාප්ප බැමිවල හැදිලා කුරුවෙලා ගිහින් තියෙන ඒවා . අන්න ඒවගේ පැළයක් පැතලි බඳුනක බොන්සායි ක්‍රම ශිල්ප යටතේ වගා කරගෙන අන්න ඒ පැලයට හැමදාම සාත්තු කරන්න .

මේ ගස්වල නිකුත්වෙන කිරණශීලී බව නිසා අපේ අපල තත්ත්ව දුරු වෙනවා . ඒ වගේම ඒ ගස් වලට සාත්තු කිරීමෙන් මනසත් ඒකාග්‍ර කරගෙන හිතේ සතුට වර්ධනය කරන්න පුළුවන් . කලාත්මකව වැවිලා තියෙන බොන්සායි පැළයක් දැක්කම හිතටත් සතුටක් ඇතිවෙනවා .

බෝධි පූජා තැබීම අනිත් කාරණාව . බෝධි පූජා තියන විදිය ගැන මම වෙනමම ලිපියක් ලියලා තියෙනවා මෙන්න මේ ලින්ක් එක යටතේ තියෙන ලිපියේ . ඒ ලිපිය කියවලා බලන්න කොහොමද හරියට බෝධි පූජාවක් තියන්නේ කියලා . බෝ ගහත් අධික කිරණශීලී ගසක් . ඒ නිසා ඒ කිරණ වලින් ග්‍රහයින්ගේ අහිතකර කිරණ විනාශ කරනා හිතකර කිරණ අපේ ඇඟට ඇතුල්වෙන්න සලස්වනවා . ඒවායින් අපේ ශරීරයට තියෙන බලපෑම අඩුවෙනවා . ශරීරය සුවපත් වෙනවා .

භාවනා කිරීම තවත් වැදගත් දෙයක් . සෙනසුරු කියන්නේ ක්‍රෝධය පිරි චරිතයක් .ඒ නිසා අපි මෛත්‍රී භාවනාවෙන් සෙනසුරු අපල වලට ප්‍රති උත්තර දක්වන්න ඕන .

විෂ්ණු දෙවියන් අමතක කරන්නම බැහැ . විෂ්ණු දෙවියන්ට පිං අනුමෝදන් කරනවානම් දෙවියන් සතුටු සිතින් ඔබව ආරක්ෂා කරාවි .

සෙනසුරු අපල දුරුකරගන්න කරන්න පුළුවන් සාමාන්‍ය පිළිවෙත් ටිකක් තමයි මම මේ කියලා තියෙන්නේ . මේ දේවල් කරා කියලා මම හිතන්නේ නැහැ වරදක් වෙනවා කියලා . සතෙකුට කන්න දීම , පන්සල් යාම , දන් දීම භාවනාව වගේ දේවල් කොහොමත් හොඳ පුරුදු . ඒ නිසා මේ යහපත් පුරුදු ඇතිකරගෙන අපි තව ටික දවසකින් අලුත් නිවහනකට එන සෙනසුරු ග්‍රහයාව පිළිගනිමු .

සෙනසුරු දෙවියනි , ඔබට සුබ ගමන් .

නීලාංජන සමාභාසං 
රවිපුත්‍රම් යමාග්‍රජං
ඡායා මාංතීණ්‌ඩ සම්භූතං 
තං නමාමි ශනෙශ්වරම්

දුක්ඛ රෝග භයා වේරා සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි විනස්සන්තුච තේජසා
ජය සිද්ධි ධනං ලාභං සොත්ථි භාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්ණෝච භෝගං චුද්ධිච යසවා
සතවස්සාච ආයුච ජීව සිද්ධි භවන්තු තේ

 

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය සමග සම්බන්ධ වීමට පහත image එක මත Click කරන්න

මහනුවර ඓතිහාසික කතරගම මහ දේවාලයේ ආරම්භය සහ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ දේව ශාපය
මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව
Read more.
රතන සූත්‍ර දේශනාව – සිංහල , පාලි , Audio , Video
  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට
Read more.
මාතලේ අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය
  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් .
Read more.
දරුවෙකුගේ හිසකෙස් කැපීමේ මංගල චාරිත්‍රය
  කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන්
Read more.
විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය
  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි
Read more.
ඇත් සොහොන් සංකල්පය
    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන්
Read more.
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න
    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක්
Read more.
ආටානාටිය සුත්‍රය ( සිංහල )
  1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ
Read more.
ඉන්ද්‍රධ්වජය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය
  බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත්
Read more.
ළිඳක් වැසීම හා වැනසීම
  වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා
Read more.
මරු විස කලාව
  අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ
Read more.
පංචායුධය
  කීප තැනක අම්මලා කියලා තියෙනවා දැක්කා පංචායුධ එල්ලුවේ නැහැ අපි දරුවන්ගේ කරේ , ධර්මචක්‍ර එල්ලුවා කියලා . ධර්ම චක්‍රය
Read more.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *